Home Blog Properties COVID-19 තත්වය නිසා ඔබේ ඉඩම විකුණා ගන්න අපහසුයිද? විසඳුම මෙන්න.
COVID-19 තත්වය නිසා ඔබේ ඉඩම විකුණා ගන්න අපහසුයිද?  විසඳුම මෙන්න.

COVID-19 තත්වය නිසා ඔබේ ඉඩම විකුණා ගන්න අපහසුයිද? විසඳුම මෙන්න.

මේ වන විට අප සියල්ලන්ටම වසංගත තත්වය නිසා සංචරණ සීමා පැනවී තිබේ.නමුත්
අප සියල්ලන්ගේම සෞඛ්‍යාරක්ෂාව තකා අපට හැකිතාක් නිවසට වී සිටීමට සහ
සාමාජිය ක්‍රියාකාරකම් ඉතාමත් අවම මට්ටමක පවත්වා ගැනීමට සිදු වි තිබේ.මේ අනුව
ඔබේ නිවසක් හෝ ඉඩම ඔබට විකුණා ගැනීමට ඇවැසි වුවහොත් ඔබ යම්
අසීරුතාවකට පත්විය හැක.හේතුව නම් අප රටේ මූලිකවම දේපල වෙළඳාම සඳහා
අවශ්‍ය මාධ්‍යයන් සොයා යාමට නම් අප නිවසින් බැහැර විය යුතුය.උදාහරණ ලෙස ඔබ
එදිනෙදා ජීවිතයේදී ඔබේ ඉඩමක් විකුණා ගැනීමට අවශ්‍ය නම් පුවත්පත් දැන්වීමක් පළ
කිරීමට හෝ තැරැව් කරුවෙකු, එනම් අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ බෝකර් වරයෙකු
වෙතට යාමට සිදුවේ.නමුත් මේ තත්වය සමග ඔබට එයද සිදු කිරීමට අපහසු දෙයකි.
මේ වසරේ ,එනම්2021 ජනවාරි මස වන විටත් මිලියන 8 කට ආසන්න ශ්‍රී ලාංකීය
ජනතාව සමාජ මාධ්‍ය ජාලා භාවිතා කර තිබේ.එහි මූලිකව භාවිතා වන සමාජ මාධ්‍යය
“මුහුණු පොත”එනම් Face Book බව ඔබටත් මටත් නොරහසකි.එසේම මුහුණු පොතේ
ඇති group සහ page හරහා විටෙක ඔබ ඔබගේ ඉඩම් විකුණා ගැනීම සඳහා උත්සහයන්
දරන්නට ඇත.නමුත් එය ආරක්ෂාකාරීද?සහ එය දකින්නන් මෙන්ම ඒ පිළිබඳව උනන්දු
වන්නන් සත්‍ය වශයෙන්ම අවංක පුද්ගලයින්ද?ඔබ මේ පිළිබඳව සිතා බැලිය යුතුය.
මෙයට සරල උදාහරණයක් ගෙන අපි සලකා බලමු.මුහුණු පොතේ සිටින සියළු
පුද්ගලයින් සිටින්නේ ඔවුනගේ අවංක ස්වරූපයෙන් හෝ ඒ විටෙක ඒ පෙනී සිටීම සිදු
කරන්නේ අවංක අරමුණු තකාම නොවේ.එසේ වන විට ඔබ එසේ මුහුණු පොතේ
දැන්වීමක් පල කිරීම කිසිසේත්ම ආරක්ෂාකාරී නොවේ.එසේම ඔබට එහිදී ඔබේ ඉඩමේ
නීත්‍යානුකූල භාවය ඔප්පු කිරීම සඳහා ඉඩමේ ලියකියවිලි වල ඡායාරූප ඇතුළත් කිරීමට
අවශ්‍ය වුවත් ඒ සඳහා එහි ආරක්ෂාවක් නොමැත.එසේම ඔබ මුහුණු පොතේ පල කරන
post, දිනක් දෙකක් ගතවත්ම ඊට පසුව පල කරන post නිසා පසුපසට යාම සහ විටෙක
ඉක්මනින්ම ඉවත් කිරීම පවා සිදුවේ.එයට ඔබ සතුව කිසිදු වගකීම් සහතිකයක්
නොමැත.
මෙයට ඉතා ආරක්ෂාකාරී විසඳුමක් ලෙස ඔබට අන්තර්ජාල වෙබ් අඩවි භාවිතා කල
හැක.මේ අවස්ථාවේදී ඔබට දැන්වීම් පලකරගත හැකි වෙබ් අඩවි රාශියක් තිබුණත්
ඒවා දේපළ වෙලඳාම් සඳහාම සුවිශේෂී වූ ඒවා නොවේ.එමෙන්ම ඔවුන් ඔබට දැන්වීම් පළ
කිරීමේ පහසුකම ලබා දුන්නද වෙනත් කිසිදු ප්‍රවර්ධනයක් හෝ සේවාවක් ලබා
නොදේ.මෙහිදී ඔබට idam.lk නම් අපගේ වෙබ් අඩවිය විශ්වාසවන්තව භාවිතා කල
හැක.එසේම මේ වෙබ් අඩවියේ ඇති සුවිශේෂත්වයන් මෙසේ වේ.
පළමුව, අපගේ වෙබ් අඩවිය රජයේ ලියාපදිංචි වූ වෙබ් අඩවියක් වනවා මෙන්ම වසර
පහක් පුරාවට ජනතාවගේ විශ්වාසය සුරකිමින් දේපල වෙළඳාම් අංශයේ රැඳී සිටී.වෙනත්

වෙබ් අඩවි මෙන් නොව අපගේ වෙබ් අඩවියේ පල වන්නේ දේපල වෙළඳාම හා අදාල
දැන්වීම් පමණි.එසේම පල වන සෑම දැන්වීමකම සත්‍ය තොරතුරු සහ සත්‍ය ඡායාරූප
පමණක් ඇතුලත් වේ.එමෙන්ම දන්වීමක් තුල ඉතාමත් ආරක්ෂාකාරීව අපගේ
සේවාදායකයාගේ ඉඩමේ පිඹුරුපත් වල ඡායාරූප පවා ඇතුළත් කල හැක.මේ සියල්ල
තුලින් අපගේ වෙබ් අඩවියට පැමිණෙන්නන්ගේ බහුතර සම්භාවිතාවය ඉඩම් ගණුදෙනු
සඳහා පමණක් පැමිණෙන අයවළුන් බව පැවසිය හැක.
දෙවනුව ඔබට විවිධ පහසුකම් සහිතව වෙනත් වෙබ් අඩවියකින් නොලැබෙන
පරිදි,පහසු මිල ගණන් යටතේ ලබාගත හැකි package අප හඳුන්වා දී තිබේ.එම එක් එක්
package එක අනුව අප විසින් ඔබේ දැන්වීම පිළිබඳව වගකීම දරන්නෙමු.එසේම අප
සතුව දේපල වෙළඳාම සඳහාම වෙන්වුණු නියෝජිතයින් සහ වෘත්තීමය තැරැව්කරුවන්
පිරිසක් සිටී.අවශ්‍ය නම් ඔබට තැරව්කරුවන්ගේ සහය ලබා ගත හැකි අතර ඔවුන්
හරහාද ඔබට විශ්වාසවන්ත සහ කඩිනම් සේවාවක් ලබා ගත හැක.

එසේම අපගේ වෙබ් අඩවියේ ඔබේ දැන්වීම පලවීමට අමතරව අපගේම Face book group
එක තුළ සහ page එක තුළ මෙය වෙනමම පලවන අතර ඒ සෑම දැන්වීමක්ම අපගේ
ලංකාව පුරා සිටින නියෝජිතයින් හරහා සීඝ්‍රයෙන් හුවමාරු වීම මගින් එය ජනතාව
අතරට ඉක්මනින් පැමිණෙනු ඇත.එම නිසා අපගේ නියෝජිත ජාලය හරහාද ඔබට
වඩාත් විශ්වාසනීය සේවාවක් ලබා ගත හැක.අනෙක් කරුණ නම් අපගේ වෙබ් අඩවිය
වෙතට ඉඩම් මිළදී ගැනීමට බලාපොරොත්තු වන සේවාදායකයන්ගේ පැමිණීමද
නිරන්තරයෙන් සිදුවේ.මේ හේතුව නිසා ඔබගේ ඉඩමට සුදුසු ගැනුම් කරුවන් sms
මාර්ගයෙන් ඔබ හට සපයා දීමටත් අපි බලාපොරොත්තු වන්නෙමු.සහ අපගේ වෙනත්
සේවාවන්ද සමග සසඳන විට වෙනත් වෙබ් අඩවි වලට වඩා අපගේ වෙබ් අඩවිය
ඔබගේ දේපල වෙළඳාම් සඳහා විශ්වාසවන්ත සහ ආරක්ෂාකාරීම වෙබ් අඩවිය බව
සඳහන් කල හැක.
එමනිසා ඔබට ඉක්මනින් සහ පහසුවෙන් නිවසේ සිටම ඉඩම්,නිවාස,ව්‍යාපාරික
ස්ථාන,වගාවට සුදුසු ඉඩම් වැනි අවශ්‍ය ඕනෑම දෙයක් මිල දී ගැනීමට සහ විකිණීමට
ඔබට අවශ්‍ය නම් අදම අපගේ idam.lk වෙබ් අඩවිය හා සම්බන්ධ වන්න.තවත් වැඩිදුර
තොරතුරු අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 3424949 යන
දුරකථන අංකය සමග කාර්‍යාලීය වේලාව තුල සම්බන්ධ වීමෙන් ඒ පිළිබඳ තොරතුරු
ලබාගත හැක.

Sign Up to receive the latest Updates and News

© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.